විදුහල්පති පණිවිඩය
ලංකාගම මහා විද්‍යාලය
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටසයට අයත් සිංහරාජ වනාන්තරයෙන් වටවූ තවමත් අතීත ගැමිසුවද වහනය වන පරිසරයක ලංකාගම මහා විද්‍යාලය පිහිටා ඇත.ලංකාගම පාසලේ මෙන්ම දරුවන් තුලද ඇත්තේ උදේ පිපුණු මල් මෙන් පිරිපුන් නැවුම් බවකි.
වැඩි වශයෙන් දේශීය නැවුම් ආහාර රසබල ගුරු පාරවල් දිගේ පයින් ඇවිද යන දරුවන් ජවසම්පන්න බව පෙනී යයි.එසේම ශාස්ත්‍රීය දැනුම අවශෝෂණය කරගැනීමේ හැකියාවද ඉහල මට්ටමක පවතී.මේ නිසාම ලංකාගම පාසල වාර්ෂික ක්‍රීඩා තරග වලින් කොට්ටාස,කලාප,පළාත් තරග ජයග්‍රහණ රාශියකට උරුමකම් කියයි.විෂය සමගාමී තරග ජයග්‍රහණ රාශියකට සෑම වර්ෂයකම හිමිකම් කියයි.දැනට පාසලේ ඉගෙනුම ලබන්නේ දරුවන් 200ට අඩු ප්‍රමාණයක් වුවත් සම වර්ෂයකම උඩුගම අධ්‍යාපන කලාපය තුල හොද හොදම ශිෂ්‍යත්ව ප්‍රතිපලය මෙන්ම අ.පො.ස. සාමානය පෙළ ප්‍රතිපල වාර්තා කරන පාසැල වන්නේ ද ලංකාගම මහා විද්‍යාලයයි.
2022 වසරේ සිට අ.පො.ස උසස් පෙළ විභාගය සදහා ද සිසුන් ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිසුන්ගේ පරිඝනක සාක්ෂරතාවය ඉහල මට්ටමට ගෙන එම සදහා ද පාසල කටයුතු කරමින් සිටී.
පාසල් ඉදිරියටම ගෙනයන අභිලාෂයෙන් ආචාරය මණ්ඩලයත් මමත් කටයුතු කරමින් සිටින බව සටහන් කොට තබමි!..
මෙයට
වර්තමාන විදුහල්පති,
V.K.සරත් කුමාර.
