සැරදේවා.........
සැරදේවා.........
සැරදේවා අප විදුහල් මෑණී
සව්සිරිණී බැබළේවා..//
ගිං ගං කොමළිගෙ
සිසිලස ලබනා
ලංකාගම විදුහල් මෑණී
රට දැය වැඩුමට
අත හිත දෙන හොඳ
වීර පුතුන් බිහි කළ මෑණී
ශිල්ප බෙදන්නට යහමග යැවුමට
නිතරම දිරි වඩනා මෑණී
දෙස් දෙස් පතළව
උගතුන් බිහි කළ
කිතු ගොස පතුරවනා මෑණී
සැරදේවා.....
සැරදේවා අප විදුහල් මෑණී
සව්සිරිණී බැබළේවා..//
එක මවකගෙ දරුවන් ලෙස එක්වමු
සමඟිකමින් අපි කල් යවමූ
යහගුණ දම් නිති පිළිපදිමු
ශිල්ප හොඳින් අපි ඉගෙන ගමු
ජාතිය හා අත් වැල් බඳිමු
නාමය නිති ඔබෙ රැක ගනිමු
මිතුරින් සමරමු නමදිමු ඔබෙ පා
බැතියෙන් සිරස නමා....///
පබැඳුම :- ආචාරිණී පියවතී වතුගල මිය
තනු නිර්මාණය :- චමින්ද මයා