• (+94) 71 5737927
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Lankagama M.V.

ලංකාගම මහා විද්‍යාලය

Udugama Zone

  • Register
  • Login
Lankagama M.V.

ලංකාගම මහා විද්‍යාලය

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • සමාජ හා සංගම්
  • ජයග්‍රහණ
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 ගා/ලංකාගම මහා විද්‍යාලයේ ඉතිහාසයෙන් බිදක්,

 

ගා/ ලංකාගම මහා විද්‍යාලය වූ කලී දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති රමණීය වූ බිම් කඩක පිහිටි පාසලකි. දකුණු පළාතේ අති දුෂ්කරම පාසල ලෙස හදුනාගෙන තිබුනද දුෂ්කරත්වයේ නීරස බව ප්‍රදේශයේ සුන්දරත්වය සහ ගම්වැසියන්ගේ ලෙන්ගතුකම නිසා සිද බිදලු පාසලකි.  ගිංගං කොමලිගේ සුන්දරත්වය දකිමින් හාත්පස වන පෙතින් වට වූ ලංකාගම ග්‍රාමයේ ලංකාගම නමින් පාසලක් ආරම්භ වුයේ 1926 පෙබරවාරි  මස 10 වන දින බව ලොග් පොත සාක්ෂි දරයි.

මෙම පාසල ආරම්භ කිරීම සදහා  පුරෝගාමියා වශයෙන් කටයුතු කර ඇත්තේ මාතර තිහගොඩ ලැනරෝල් නමැති මුදලිවරයෙකි .1926 වර්ෂයේ දී සිසුන් හය දෙනෙකුගෙන් පමණ කටුමැටි ගසා පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් ලෙස පාසල ආරම්භ වී තිබේ. පාසලේ ආරම්භක අවධියේ මෙම ප්ලං‍රදේශය ලංකාගම , නිල්වැල්ල , පිටදෙනිය, වතුගල  කොලොන්තොටුව ආදී  පුංචි ගම්මාන කිහිපයක ගෙවල් තිහකට අඩු ප්‍රමාණයක් පැවැති සමයෙකි.

 

 පාසලේ මුල්ම විදුහල්පතිවරයා සහ එකම උප ගුරුවරයා වන්නේ නියාගම බී.ඒ. විජේසේකර නමැති මහත්මයෙකි වරිච්චි බිත්ති වලින් හා ඉලුක් සෙවිලි කළ එක් ගොඩනැගිල්ලක් පැවති  අතර එය දහවල් කාලයේ පන්ති පැවැත්වීමටත් රාත්‍රී කාලයේ ගුරු මහත්වරුන්ගේ නේවාසිකාගාරය ලෙසටත් එය භාවිතා කර ඇත.දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ උඩුගම කලාපයේ ඇති දුෂ්කර පාසලක් ලෙස විරුධාවලිය ලත් අප පාසලට දිගු ඉතිහාසයක් ඇත.

 

1918.02.04
                 ලංකාගම නිදහස් උත්සවය,
ලංකාවේ නිදහස්දිනය නිමිත්තෙන් පසුගිය හතර වෙනි බදාදා ලංකාගම මිශ්‍ර පාඨශාලාවලට පාඨශාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන් කැදවනු ලබූ අවස්ථාව රම්‍ය ප්‍රදර්ශනයක් විය.පැමිණි පිරිස පිළිගත් පසු භාග්‍ය සම්පන්න නව යුගයක් උදාවේවායි ප්‍රාර්තනාකරමින් ජාතික කොඩිය එසවීය.ශ්‍රී ලංකා මාතා නිවහල්කම ලැබූ අද නිදහස් සුවයෙන් ඔකද වී ප්‍රීතිවන ශ්‍රී ලංකා ජනතාව සමග අපිද ප්‍රීති වෙමු යැයි මුල පුරා පාසල් සිසුන්ටත් දෙමව්පියන්ටත් නිදහස් දිනය පිළිබද අවබෝදයක්
ලබා දීම වස් ආචාර්ය පිරිස කතා පැවැත්වුවාය.ඊට පසු ජතික සුභසිද්ධිය එක සිතින් පතමින් ජාතිකාභිමානය කුළු ගන්වමින් සමයෙන් ලක්වැසියෝ ස්වාධීනත්වය ලැබූ නිසාම අධ්යාපනධ්‍යක්ෂ ඉයන් සැන්ඩ්මන් තුමා එවූ ලිපිය කියවීමු.අදහස ස්තුති ප්‍රමුඛව ධාරණය කරගනිමු.

පාසලේ ආරම්භක අවදියේ අප බ්‍රිතාන්‍යයන්ට යටත්ව සිටි බව 1929 වර්ෂය තබා ඇති පහත ලොක් සටහනින් සිහිපත් කර දෙයි

1929.06.15

මෙදින අප මහා රාජෝත්තමයාණන් වහන්සේ උත්පත්ති දිනය නිමිති කොටගෙන ගම්වාසීන් දෙතුන් දෙනෙකුගේ ආධාරය ලබාගෙන ළමයින්ට කෑම බීම් ආදියෙන් සංග්‍රහ කොට උත්සව පැවැත් වූ වගයි.

මෙලෙස ආරම්භ වූ පාසල එවකට හිටපු විදුහලේ විදුහල්පති තුමාගේ මඟපෙන්වීම අනුව පාසල් සංවර්ධනය කරා පිය නගා ඇත. වරිච්චි බිත්ති වෙනුවට උළු සෙවිලි කර ගොඩනැගිල්ලක් ගුරු නිවාසයක් විද්‍යාගාරයක් පාසලට ලැබී ඇත. 1988 වසරේ  9 ශ්‍රේණිය දක්වා පන්ති පැවති අතර  1989 දී 11 වසර දක්වා පන්ති ආරම්භ කරමින් පාසල හැරයන ප්‍රතිශතය අවම කර ඇත.

2003 වසරේ මැයි 17 වන දින ඇතිවූ ගංවතුරෙන් පාසල මුළුමනින්ම විනාශයට පත්විය. ජුනි දෙවැනි දා ජපන් ආධාරකයක කූඩාරම් ලංකාගම පන්සලේ රඳවා පාසල නැවත ආරම්භ විය.එවකට සිටි විදුහල්පතිතුමා ගුරුවරුත් ඉගෙනුම් කටයුතු වල දී ඉතා අසීරු තත්ත්වයකට පත්විය. එවකට සිටි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම අනුව ලේක්හවුස් ආයතනයේ මූල්‍ය ආධාරයෙන් වත්මන් පාසල ඉදි විය.එසේ ඉදි වූ පාසල 2005 පෙබරවාරි 17 වන දින එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අතින් සිසු අයිතියට පැවරිණි.

ලංකාගම පාසල අධ්‍යාපනය ක්‍රීඩා කෞෂල්‍ය සිරිලක පුරා නමක් දිනා සිටින අතර එය ජනප්‍රිය හා පහසුකම් වලින් යුක්ත පාසල්වලට අභියෝගයක් වී ඇත.

 

මුල්වරට ,

1950 :- පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඩබ්.ජි ජිනසේන ශිෂ්‍යයා සමත් විය.

1973 :- පිරිත් පින්කමක් පැවැත්වීම හා නව ගොඩනැගිල්ල විවෘත කිරීම.

1976:- අධ්‍යාපන චාරිකාව

1987 :- නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීම

1991:- සමස්ත ලංකා තරග සඳහා යගුලිය විසි කිරීමේ ඉසව්වට එම.ජේ එම්පිකා  නිලන්ති  ශිෂ්‍යයාව සහභාගීවීම

1993 :- එම.ජේ එම්පිකා  නිලන්ති ශිෂ්‍යාව අවුරුදු 17න් පහළ යගුලිය දැමීමේ ඉසව්වෙන් දකුණු පළාත් නව වාර්තාවක් පිහිටුවීම.

1995 :-  15 න් පහළ  බාලිකා වොලිබෝල් සමස්ත ලංකා අනු ශූරතාවය ලබා ගැනීම

 

2005 සමයේ පාසලේ නියමුවා වූයේ එම්. සුමිත්ලාල් ගුරුතුමාය. එතුමාගේ කාලයේ දී පාසලේ දියුණුවට මහත් කර්තව්‍යයක් සිදුවිය. සෑම වසරකම ශිෂ්‍යත්වයෙන් සමත් වීම, සෑම වසරකම සාපෙළ ප්‍රතිඵල පෙන්වීම, 2003 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල 100 % ක් වීම ආදිය දැක්විය හැකිය. මෙලෙස අධ්‍යාපනය ඉහළ මට්ටමක පවතින අතර ක්‍රීඩාව ඉහළ නැවීමට එකල හැකියාව ලැබුණි.ඒ අනුව 17 න් පහළ හා 15 න්  පහළ බාලිකා දකුණු පලාත් ශූරතා දිනා ගැනීම, 2003 සමස්ත ලංකා වොලිබෝල් තෙවන ස්ථානය 17 න් පහළ බාලිකාවන් දිනා ගැනීම ආදිය විශේෂ වේ.

  උදෑසන 6ට පමණ පාසලට පැමිණෙන දරුවන් රාත්‍රී 10 පමණ වනතුරු පාසලේ විවිධ අධ්‍යයන සහ විෂය සමගාමී කටයුතු වල නිරත වෙමින් ඒ සඳහා ගුරුවරුන් ද ලබා දෙන්නේ මහත් වූ සේවාවකි.ඔවුන්ගේ කැපවීම මත පාසල අද වන විට ලබා ඇති ජයග්‍රහණ අතිමහත්ය.වර්තමානයේ පාසලේ නියමුවාණන් ලෙස වී.කේ.සරත් කුමාර මහතා නිවැරදි මාවත් දෙසට තම ආචාර්ය මණ්ඩලයද සිසු දරු දැරියන්ද යොමු කරමින් පාසලේ දියුණුව තකා නොමසුරුව සිය කාලය ශ්‍රමය කැප කරමින් සිටී.

ආරම්භ කළ වර්ෂය

1926 පෙබරවාරි   10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

06

මුල් ගුරුතුමාගේ නම

බී.ඒ.විජේසේකර මහතා 

පාසලේ ආදි කතෘගේ නම

මාතර තිහගොඩ ලැනරෝල් මහතා 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගා/ලංකාගම මහා විද්‍යාලය 

පාසල පැවැත්වූ ස්ථානය

ලංකාගම ගම්මානයේ වරිච්චි බිත්ති වලින් හා ඉලුක් සෙවිලි කල එක් ගොදනගිල්ලකිනි 

 

 

 

{QF3=5}

Lankagama M.V.

ලංකාගම මහා විද්‍යාලය

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ලංකාගම ,දෙනියාය 
  • දුරකථන:- 0715737927
  • විද්‍යුත් තැපෑල :[email protected]

Supported By

© 2026 Lankagama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk